April 24, 2024

නිල් සහ රතු බල්බ සවිකළ වාහනවලට වැඩ වරදී

නිල් සහ රතු පැහැති නිවෙමින් දැල්වෙන විදුලි බල්බ සවිකරගෙන පොලිසියේ වාහන මෙන් ගමන් කරන සියළු වාහන පදවන රියදුරන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා විසින් දිවයිනේ සියළුම පොලිස් රථවාහන අංශ වෙත නියෝග කර තිබේ.

එවන් නිල් සහ රතු විදුලි බල්බ සවිකළ හැක්කේ පොලිසියේ වාහනවලට පමණක් බවත් පොලිසියේ නොවන යම් වාහනයකට එවන් විදුලි බල්බ සවිකරන්නේ නම් ඊට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරය අවශය බවත් ‍හෙතෙම සදහන් කරයි.

ඇතැම් දේශපාලනඥයන් පසුගිය කාලයේ තමන් ගමන් කරන වාහන වල එම විදුලි බල්බ සවිකරගෙන පොලිසියද අසරණ කරමින් ගමන් කළ බවත් දැන් දේශපාලනඥයන්ගේ ගෝලයන්ද වාහන වල එවන් විදුලි බල්බ සවිකරගෙන යන බව රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයෙක් සදහන් කළේය.

මේ වනවිට එවන් විදුලි බල්බ විලාසිතාවක් ලෙස වාහන වල සවිකිරීමට පෙළබී ඇති බවද එම නිළධාරීයා පැවසී ය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 June 2014 10:02