April 24, 2024

ඩෙංගු නිසා රෝහල් පහක් සීරුවෙන්

ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉහළ යාම හේතුවෙන් රෝගීන් පරීක්ෂාවට රෝහල් 05ක විශේෂ ඒකක අද (02) සිට ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, ශ‍්‍රී ජයවර්ධනපුර මහරෝහල, හෝමාගම මූලික රෝහල සහ අංගොඩ උණ රෝහල යන රෝහල්වල බාහිර රෝගී අංශයට අනුබද්ධව මෙම ඒකකය ස්ථාපිත කර තිබේ.

එම ඒකකවලදී විනාඩි 30ක් ඇතුළත රුධිර පර්යේෂණ වාර්තා ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. 

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 11,100කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා තිබේ. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර ඩෙංගු රෝගීන් 4000කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් ද, කළුතර දිස්ත‍්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 800කට ආසන්න සංඛ්‍යාවක් ද වාර්තා වී තිබේ.

Rate this item
(0 votes)