April 19, 2024

කළුතර හා කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ 

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල හා කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍ර දේශවලට මේවන විට විදුලි විසන්දි වීමක් සිදු වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඊයේ (01) ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ, බේරුවල, බුලත්සිංහල, කළුතර, බණ්ඩාරගම, පානදුර, ඉංගිරිය ඇතුළු ප්‍රදේශ හා කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, මත්තේගොඩ, කහතුඩුව, පාදුක්ක හා මාළඹේ ප්‍රදේශවල ගස් කඩා වැටීම්, නාය යෑම් හා ගංවතුර තත්ත්වය නිසා විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලෙයේ ප්‍රකාශයෙකු පැවසූවේ එම ප්‍රදේශවල විදුලිය බිඳවැටීම යථා තත්ත්වය පත් කිරීම මේවන විට අරඹා ඇති බවත් ගංවතුර පවතින කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවන බවයි.  

    

Rate this item
(1 Vote)