March 28, 2024

රනිල්ට ගාල්ල නගරාධිපතිගේ සහාය ?

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව රටේ ම විපක්ෂ නායකයා බව එක්සත් ජනතා නිදහස් සංධානයේ නගරාධිපති කැළුම් සෙනවිරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකවරයාට එජාප සාමාජිකයින් නොසැළකුව ද එක්සත් ජනතා නිදහස් සංධානයේ සමාජිකයින් හොඳින් සළකන බව ද වැඩ බලන නගරාධිපතිවරයා පෙන්වා දෙයි.

හෙතෙම මේ බව පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ගාල්ල රැස්වීමට අවසර ලබා නොදෙන්නේ යැයි එජාපය කරන චෝදනාවට පිළිතුරු දෙමිණි.

රනිල් වික්‍රිමසිංහ මහතාට ඕල්කට් මාවතේ හතරමං හන්දියක රැස්වීමක් තිබීම සුදුසු නැති බවත් ඔහුට සුදුසුම තැන ගාල්ල සමනළ ක්‍රීඩාංගනය බවත් වැඩ බලන නගරාධිපතිවරයා ප්‍රකාශ කරයි.  

එජාපය හතරමං හන්දියක් ඉල්ලනුයේ සමනළ පිටිය පිරෙන්නට සෙනඟ ගෙන්වාගැනීමට නොහැකි හේතුවෙන් බව ද වැඩ බලන නගරාධිපතිවරයා සඳහන් කරයි. 

ලංකින්ද නානායක්කාර

 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 March 2014 14:56