April 16, 2024

බොරැල්ල ශෝක වෙයි 

බොරැල්ල පොලිස් ස්ථානාධිපති, පොලිස් අධිකාරී ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදු කරන අතර මේ හේතුවෙන් බොරැල්ල ප්‍රදේශය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

සියලුම ආගමික නායකයන් සහ ප්‍රදේශවාසීන්, ප්‍රජා සමිතිවල සහභාගීත්වයෙන් ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත. ඒ අනුව බොරැල්ල ප්‍රදේශයේ කඩ සාප්පු වසා දමා ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස එම ප්‍ර දේශවාසීහු ඉල්ලීමක් කරති.

ජනාධිපතිවරයාද ඊයේ (18) පොලිස් අධිකාරී ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. 

ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ අවසන් කටයුතු 19 වැනිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදු කිරීමට නියමිත අතර කැළණියේ ගෝනවල පිහිටි නිවසින් අද (19) පස්වරු 2.00 ට ගෙන එන දේහය පස්වරු 4.00 සිට පස්වරු 5.00 වන තුරු බොරැල්ලේ ජනතාවට අවසන් ගෞරවය දැක්වීමට බොරැල්ල පොලිසියේ තැන්පත් කෙරෙනු ඇත.

පස්වරු 5.00 බොරැල්ල පොලිස් ස්ථානයෙන් රැගෙන යන දේහයට පොලිස් උත්තමාචාරය බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී ලබා දී ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 March 2014 14:56