April 20, 2024

පැරණි කෝන්තරයක් කටුනායක ගුවන්තොටුපොලේ දී විසඳෙයි

බැංකොක් බලා යාමට ඉකුත් 17 වැනි දා සවස කටුනායක ගුවන්තොටුපොලට පැමිණි දෙපිරිසක් ගුවන් යානය අසළ දී ගැටුමක් ඇතිකරගත් බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පවසයි.

ග්‍රෑන්ඩ්පාස් හා මාළිගාවත්ත පෙදෙස්වල පදිංචිකරුවන් කීපදෙනෙකු පැරණි කෝන්තරයකට මෙසේ ගුටිබැට හුවමාරු කරග නිමින් ගුවන්තොටුපොල තුළ කලහකාරී ලෙස හැසිරී ඇත. 

ගුවන්තොටුපොල පොලීසිය එම පිරිස අත්අඩංගුවට ගෙන ඉකුත් 18 වැනි දා අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට පත් ව ඇත්තේ මොහමඩ් අබ්දුල් කාදර් මොහමඩ් රිෂ්, මොහමඩ් නිෂාම් මොහමඩ් පාස්, මොහමඩ් රිම්සාන් මොහමඩ් රුසායින්, මොහමඩ් සලාම්දීන් මොහමඩ් හා මොහමඩ් පායිස් මොහමඩ් පර්සාන් යන මුස්ලිම් ජාතික ගුවන් මගීන් 05 දෙනෙකි.

ප්‍රසාද් කුමාරසිරි

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 11:22