April 20, 2024

සිසුවිය නිල ඇඳුමින් හෝටල් කාමරයක 

ඇල්ල, හීල්ඔය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් සිය පෙම්වතා සමග හෝටල් කාමරයකට ගොස් ඇති අතර ඇල්ල පොලීසිය එම ස්ථානය වටලා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

18 හැවිරිදි එම තරුණයා සිය පෙම්වතිය නිල ඇඳුම සහ ඇයගේ පොත් පත් ද සමගින් එලෙස රැගෙන ගොස් තිබේ.

සිවිල් ආරක්ෂක කමිටුවට ලද තොරතුරක් මත ඇල්ල පොලීසිය එම ස්ථානය වටලා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් දැරිය දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඇල්ල පොලීසිය විසින් සිදු කරයි.

ප්‍රේමලාල් රත්නායක 

 

 

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 19 March 2014 23:10