April 23, 2024

දේශපාලන ආධාරකරුවන් 81 ක් පොලිස් කූඩුවේ

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාලව ලැබුණු පැමිණිළි මත සැකපිට දේශපාලන ආධාරකරුවන් 81 දෙනෙක් 18 වැනි දා වනවිට අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයින් අතර අපේක්‍ෂකයන් 06 දෙනෙක්ද සිටින බවත් පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාල ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පවසයි.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් පැමිණිළි 100 ක් ලැබී තිබේ. මෙම පැමිණීලිවලින් වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් බස්නාහිර පළාතින් ලැබී ඇති බවත් එම ගණන 62 ක් බවත් ගාමිණී නවරත්න මහතා පැවසීය. දකුණු පළාතින් ලැබී ඇති පැමිණිලී ගණන 38 කි.

නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා යොදාගත් වාහන 31 ක්ද, පොලිස් භාරයට ගෙන ඇති අතර එම වාහන අතර රජයේ වාහන 03 ක්ද ඇතැයි ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 12:56