April 24, 2024

"දොම්පේ අවධානම් ප්‍රදේශයක්" - කැෆේ සංවිධානය 

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දොම්පේ බලප්‍රදේශය මැතිවරණ නීතිය විශාල වශයෙන් උල්ලඝණය කරන ප්‍රදේශයක් ලෙස හඳුන්වා දිය හැකි බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසී ය.

මැතිවරණ නීතිය උල්ලඝණය කරමින් දහවල් වරුවේ පවා පෝස්ටර් ඇලවීමේ කටයුතු මෙම ප්‍රදේශයේ සිදුවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් අතර ද ගැටළු ඇතිවීම හේතුවෙන් මෙම තත්ත්වය ඉහළ ගොස් ඇති බව ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස දොම්පේ - කිඹුල්විලවත්ත ප‍්‍රදේශයේ දේශපාලන පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර 18 වැනිදා දහවල් ඇතිවු ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බව ද හෙතෙම පවසයි.

 

Rate this item
(0 votes)