April 25, 2024

මැලේසියානු යානය සොයන්න අවසර ඉල්ලා නෑ

මේවන විට අතුරුදහන්ව ඇති මලයාසියානු ගුවන් යානය සෙවීම සඳහා සහාය ඉල්ලීමක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

MH370 මැලේසියානු ගුවන්යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සොයාබැලීමේ ගුවන්යානාවලට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට අවසර ලබාදී ඇති බව විදේස් කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මලයාසියානු, ඔස්ට්‍රේලියානු, නවසීලන්ත, අමෙරිකානු ගුවන්යානාවලට මෙම ගුවන්යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සඳහා අවසරය ලබාදී ඇති බව වාර්තා වේ.

 

ප්‍රභාත් මාතරගේ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 March 2014 15:02