March 29, 2024

මාවුස්සාකැලෙන් මස්කෙළිය නගරය මතුවෙයි

ඉඩෝරයට සිඳී ගිය මාවුස්සාකැලේ ජලාශයේ සුන්දර මල් වර්ග පිපීමෙන් මල් යායක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

එම ජලාශය 1964 වර්ෂයේ සාදා ඇති අතර අවුරුදු 10 කින් අනතුරුව වැඩියෙන් ම සිඳුණු අවස්ථාව මෙය බව ප්‍රදේශවාසීහු පවසති.

එම ජලාශය සිඳීමෙන් අනතුරුව පැරණි මස්කෙළිය නගරය ද මතු ව තිබේ.

පැරණි පන්සල, බෝධිය, මුස්ලිම් දේවස්ථානය, කෝවිල ආදිය මතු වී ඇති අතර ඒවා නැරඹීම සඳහා විශාල ජනතාවක් පැමිණෙති.

ලක්ෂපාණ ජල විදුලි බලාගාරයට ජලය ලබාගන්නේ ද මාවුස්සාකැලේ ජලාශය මගිනි.

 

 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 18 March 2014 14:18