April 23, 2024

හරක් හොරුන්ගෙන් හරක් බේරෙයි 

ඉමදුව පොලිසිය පසුගිය 25 දින උදෑසන පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව ගැබ්බර කිරි ගවයින් හතර දෙනෙකු හරක් හොරුන්ගෙන් බේරා ගැනීමට සමත් වී ඇත. 

කෙසේ නමුත් හොරකම සදහා පැමිණි පුද්ගලයින් පැන ගොස් ඇති අතර ඉමදුව පොලිස් ස්ථානාධිපති ගාමිණී ශාන්ත මහතා පැවසූවේ අද (25) අළුයම 1.00 ට පමණ ලැබුණු තොරතුරකට අනුව ඉමදුව ගෙවල් විස්ස ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කල බවත් තමාට සිටින නිළධාරීන්ගෙන් පැය දෙකකට ආසන්න කාලයක් හරක් හොරුන් පැති කිහිපයකින් වටලු බවත් අවසානයේ කිරිගවයින් හතර දෙනා අතහැර කලු පැහැති ඩීසල් ත්‍රීරෝද රථයකින් ඔවුන් පැන යන්නට ඇති බවට සැකකෙරෙන බවත්යි. 

කෙසේ නමුත් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පුළුල් මෙහෙයුමක් දියත් කර ඇති බවද ඔහු පැවසීය. 

ඉමදුව හා අවට ප්‍රදේශවල ගව හොරකම ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ඇති අතර පරිදි පසුගිය මාසය තුළ කෝදාගොඩ, දොරපෙ වැලිකොන්ද ප්‍රදේශවලින් කිරිගව දෙනුන් 6 දෙනෙකු සොරකම් කිරීම් වාර්තා වූ අතර උසස් තත්ත්වයයේ මෙම දෙනුන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බවද ඉමදුව සමගි කිරිගොවි සංවිධානයේ සභාපති සුනිල් රත්නියක මහතා පැවසී ය.

මේ සම්බන්ධයෙන් ඉමදුව සහ හබරාදුව පොලිසිවලට පැමිනිලි කර ඇත. වාර්තා නොවූ සිද්ධින් කිහිපයක්ද මේ අතර තිබිය හැකි යැයි එම සාමාජිකයෝ පෙන්වා දෙති.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 May 2014 14:40