April 24, 2024

නීතිය හා සාමයට උපදේශක සභාවක් 

නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා උපදේශක සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

විනයගරුක හා නීතිය පිළිපදින සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ප‍්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වන ප‍්‍රවීණතා දැනුම ලබා ගැනීම සඳහා නීතිය හා සාමය සඳහා උපදේශක සභාවක් පත් කිරීම අරමුණ වී ඇත.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ද හිමි වී ඇත.

Rate this item
(0 votes)