April 20, 2024

පොලීසියට තවත් ප්‍රහාරයක්

මාතලේ, විල්ගමුව නගරයේ රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ත‍්‍රිරෝද රථයක් පරික්‍ෂා කරන අවස්ථාවේ එහි සිටි පිරිසක් පහරදී ඇතැයි පොලීසිය පවසයි.

රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මෙම පහරදීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසීය. 

මෙම පහරදීම සිදුකළ පුද්ගලයින් තිදෙනා බීමත්ව සිටි ඇති අතර ඔවුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පහරකෑමට ලක් වූ නිලධාරින් දෙදෙනා විල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් එක් නිලධාරියෙකු ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 May 2014 15:15