April 25, 2024

අමාත්‍ය දයාසිරිගෙන් පෙර පාසල් පාලිකාවන්ට හොඳ කලදසාවක් 

වයඹ පළාතේ පමණක් පෙර පාසල් පාලිකාවෝ 4000 කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ගේ දීමනාව ඉහල දැමීම පිළිබඳව තමා මධ්‍යම ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ඇති බවත් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මෙම කාර්ය එකවර සිදුකිරීමට අපහසු වුවත් ඔවුන් වෙනුවෙන් යම් සුභසාධන වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වා දීමට තමා කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පෙර පාසල් පාලිකාවන්ගේ ගැටළුවලට උපකාර කිරීමට සූදානම් සේම ඔවුන් විශ්‍රාම ගියපසු යම් දීමනාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද හෙතෙම පෙන්වා දෙයි. 

අමාත්‍යවරයා එසේ පැවසූයේ පසුගියදා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙර පාසල් වල දරුවන් 2000 ක් සඳහා නිළ ඇඳුම් බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

 

Rate this item
(0 votes)