April 19, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

මෙන්න වයිබර්වල (Viber) ලේසිම ක්‍රමය

හැමෝම වගේ අහල තියෙන app එකක්නෙ skype කියන්නෙ. අන්න ඒ වගේම ​instant messaging වලට සහ VoIP වලට තියෙන තවත් app එකක්  තමයි වයිබර් (Viber).  ගොඩක් පොඩි කාලයකින් ජනප්‍රිය වෙච්ච මේ app එක Viber Media වලින් හඳුන්වලා දීලා  තියෙන්නේ විශේෂයෙන්ම mobile app එකක් ලෙසයි. Mac OS, Android, BlackBerry OS, iOS, Series 40, Symbian, Bada, Windows Phone, සහ Microsoft Windows යන හැම OS එකකම Viber පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං ඒ කියන්නෙ Viber දැන් Skype වගේම mobile phone, Tab වලට වගේම desktop පරිගණක වලත් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් app වගේම වයිබර් app එකත් 3G/4G සහ Wi-Fi එක්ක වැඩ කරනවා.

 

වයිබර්වල තියෙන විශේෂතා ටිකක් මේ…

 

  • Best-quality HD voice calls
  • Video calls
  • Text, photo and sticker messages
  • Full sync between your mobile and Windows
  • Transfer ongoing calls between devices
  • නොමිලේම තවත් user කෙනෙකුට message කරන්න පුළුවන්.
  • නොමිලේම තවත් වයිබර් user කෙනෙකුට call කරන්න පුළුවන්. තවත් වයිබර් නොවන user කෙකුට call  කරනවා නම් ඒ ස‍ඳහා  ගාස්තුවක් ගෙවන්න වෙනවා.
  • message  වලට පාවිච්චි කරන්න නොයෙක් විදිහේ emoticons, stickers  ඕන තරම් තියෙනවා.
  • Videos, Photos යවන්නත්,ෂෙයාර් කරන්නත් පුළුවන් වගේම ඉන්න location එක ෂෙයාර් කරන්නත් පුළුවන්.
  • ඒවගේම එකම වෙලාවෙ ගොඩක් අය එක්ක චැට් (group chat) කරන්නත් පුළුවන්.
  • වයිබර් හරහා ඉබේම ඔබේ දුරකථනයේ ඇති contacts සමග වැඩ කරන්න පුළුවන්.

 

වයිබර් පාවිච්චි කරන්නෙ මෙහෙමයි….

මුලින්ම වයිබර් ඩව්න්ලෝර්ඩ් කරගෙන ​install කරගන්න. ඒ සඳහා www.viber.com යන්න.

ඉන්පසු මුලින්ම ඔබේ අවසරය ඇතුව වයිබර්  ඔබේ contacts සමග එකතුවේ.

ඊළගට ඔබේ දුරකථන අංකය user id එක විධිහට ඇතුළු කරන්න ඕන.

ඒවගේම නම, profile photo එක වගේ දේවලුත් එකතු කරන්න පුළුවන්.

දැන් එතනින් එහාට message කරන්න call ගන්න සාමාන්‍ය විදිහට පුළුවන්…

( වයිබර් ගැන වීඩියෝව පහතින් බලන්න පුළුවන්.....)

Rate this item
(7 votes)
Last modified on Friday, 23 May 2014 09:58