March 29, 2024

ආරක්ෂක සේනා ආඥාපති ධුරයෙන් සමුගනි

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති වශයෙන් කටයුතු කල මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා මහතා එම ධුරයෙන් සමුගැනීමේ උත්සවය අද (21) හෝමාගම, පනාගොඩ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පැවැත්විණි.

එහිදී නික්ම යන මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා වෙනුවෙන් සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ 14 හා 53 සේනාංක මුලස්ථාන සේනාංකාධිපතිවරුන්, 141, 142,143, 532 හා 583 බලසේනා මුලස්ථාන හි බලසේනාධිපතිවරුන්, පනාගොඩ යුද හමුදා ජනපදයේ සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් මෙන්ම අණදෙන නිලධාරින් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් එක් වුහ.

මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා නුඳුරේදී යුද හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලීක වශයෙන් වැඩභාරගැනීමට නියමිතය.

 

Rate this item
(0 votes)