April 16, 2024

විශ්වාසභංගය භංග වී ආණ්ඩුවට ජය

එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩු පක්ෂයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94කින් අද (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.

ඒ අනුව විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද 151ක් ද පක්ෂව ඡන්ද 57ක් ද ලැබිණි. එජාපය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ සන්ධාන මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහ.

පාර්ලිමේන්තුවේ දින දෙකක් විවාදයට ගත් විශ්වාසභංග යෝජනාව අද පස්වරුවේ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඡන්ද විමසීමට යෝජනා කළ අවස්ථාවේ එම ඡන්දය නම් අඬගසා ගැනිය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය.

 

Rate this item
(0 votes)