April 24, 2024

ජනපති ක්‍රමය ඉවත් කරන්න එජාපය මැතිවරණ සටනට

ජනාධිපතිවරණයක් කැඳවූ පසු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ප්‍රධාන සටන් පාඨය ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් කෙරෙනු ඇතැයි එජාප නායකත්ව ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩ නැගීම, බිඳ වැටි ඇති ලෝක සබඳතා ශක්තිමත් කිරීම, ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම, අත්‍යාවශ්‍ය ආහාර සහන මිලට ලබා දීම, නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම, හොරකම මැරකම දූෂණය පිටු දැකීම, මාධ්‍ය නිදහස හා යහපාලනය ආදී තවත් ප්‍රධාන සටස් පාඨ රැසක් එජාප ජනාධිපති අපේක්ෂකයා ඡන්ද සටනට එළැඹීමට නියමිතය.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගියදා ගන්නා ලද ඒකමතික තීරණයට ප්‍රකාරව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පක්ෂයක් ලෙස තරඟ කරනු ඇත.

මෙම තීරණයට අනුව එළැඹෙන ජනාධිපතිවරණයට එජාපය ස්ථිර වශයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(1 Vote)