April 25, 2024

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය පාරට

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය අනුරාධපුර නගරයේ අද පස්වරුවේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

සම සෞඛ්‍ය උපාධිය අහෝසි කිරීම, විශ්වවිද්‍යාල සිසුන්ගේ පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම විරෝධතා ව්‍යාපාරය පැවැත් විය.

අනුරාධපුර යාපන හන්දිය සිට අනුරාධපුර නව බස් නැවතුම්පොල දක්වා පා ගමනින් පැමිණි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරයි.

රජරට, පේරාදෙණිය, කැලණිය, ජයවර්ධනපුර, රුහුණ සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලවල සිසුන් 2000 ක් පමණ ඒ සඳහා සහභාගී වී ඇත.

Rate this item
(0 votes)