March 29, 2024

අමාත්‍ය බන්දුල සා/පෙළ අසමත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සොයයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සිටිනා බවට තොරතුරු ලබා දෙන්නේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පළාත් අධ්‍යාපන ඇමතිවරයා වරදක් කරනවා නම් විෂය දරණ පාර්ලිමේන්තු අමාත්‍යවරයා ඊට වගකිව යුතු නැතැයිද හෙතෙම සඳහන් කරයි.

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු අපොස සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් බව හැරිසන් මන්ත්‍රීවරයා පැවසීය.

 

Rate this item
(0 votes)