April 25, 2024

සන්ධාන අපේක්ෂක පොලිස් කූඩුවේ

පහරදීමක් සම්බන්ධයෙන් හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය හා මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු වන ඩී.වී උපුල් මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධියකට ඩී.වී උපුල් මහතා තංගල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම පහරදීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් අත්අඩංගුවට ගත් අපේක්ෂකයා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

 

Rate this item
(1 Vote)