April 20, 2024

අමෙරිකාව යළිත් ගොරවයි

ශ්‍රී ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පසු ගිය සතිය තුළ අත්අඩංගුවට ගැනීම හා රඳවාගැනීම පිළිබඳ අමෙරිකානු රජයේ අවධානය යොමූ වී ඇති බව එරට තානාපති කාර්යාලය සඳහන් කරයි.

 

රඳවා තබාගෙන ඇති සියලු දෙනා සම්බන්ධයෙන් විනිවිද බවින් යුතුව නීතිමය කටයුතු කරන ලෙසත් ඔවුනට සිය නීති උපදේශකයන් හමුවීම සඳහා සම්පූර්ණ නිදහස ලබාදෙන ලෙසත් ශ්‍රි ලංකා රජයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි.

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ගෙන ඒමට වර්තමානයේ හා අතීතයේ සිදුවූ මානව හිමිකම් කඩවිම් හේතු වි ඇති බව ද අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම නවතම සිදුවීම සමග අවබෝධ වන්නේ ශ්‍රී ලංකාව සඳහා මානව හමිකම් කවුන්සිලයේ නිත්‍ය නිරීක්ෂණයක් අවශ්‍ය බව යැයිද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන රැකී ප්‍රනාන්දු මහතා සහ ක්‍රිස්තියානු පූජක ප්‍රවීන් පියනම කිලිනෝච්චියේ දී ත්‍රස්තවාදී විමර්ශන ඒකකය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල ක්‍රියාකාරීන් දෙදෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් ඔවුන් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් මෙම මර්ධන කටයුතු වහා නතර කරමින් ශ්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 18 March 2014 12:28