April 24, 2024

ජනපති විශේෂ නියෝජිත ලෙස ඇමති බැසිල් කොරියාවට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ  නියෝජිත ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, අමාත්‍ය ‍සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ කොරියානු ජනර‍ජයේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස තමා මෑතකදී යෙදුණු උක්ත සංචාරය පිළිබඳ පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් කරුණු ඉදිරිපත් කර තිබේ.

{module LOLC}

එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ මෙම නිල සංචාරය දෙරටේ සහයෝගිතාව වඩාත් ශක්තිමත් කිරීමටත් දැනට දියත් කර ඇති ආර්ථික වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් විශේෂයෙන් උපකාර වූ බවයි. 

කොරියානු රජය මෙරට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බවත්, එමඟින් කොරියානු ආයෝජකයන් දිරිමත් කර ඔවුන්ට විශේෂ ණය පහසුකම් ලබා දීමටත් කොරියානු රජය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් පෙන්වා දී ඇත.

2008 සිට 2012 දක්වා කොරියානු රජය ලංකාවට ඇ.ඩො.මි.340ක් ලබා දී ඇති බවත් තවත් ඇ.ඩො.මි.290ක් 2015දී ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවත් හෙතෙම සඳහන් කර ඇත.

තවද ලාංකිකයින් 25,000ක් පමණ එහි රැකියාවල නියුක්ත බවත් ඉන් විශාල විනිමය ප්‍රමාණයක් ලැබෙන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 May 2014 18:21