March 28, 2024

දක්ෂින අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් ගිනිගනී

12 වැනිදා දින ප.ව 6.55 ට පමණ දක්ෂින අධිවේගී මාර්ගයේ ඉමදුව හා  කොක්මාදුව පිවිසුමට ආසන්නයේ වාහනයක් ගිණිගෙන අනතුරට ලක්ව තිබේ.

මෙසේ අනතුරට පත්ව  ඇත්තේ මාතර සිට කොළඔ දක්වා ධාවනයවූ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකි. 

මෙම වාහනය කාන්තාවක් විසින් ධාවනය කොට ඇති අතර සුනකයෙක් පාර හරහා පැනිමෙන් පාලනය කර ගත නොහැකි වු රථය මායිම් වැටේ වැදී ගිනිගෙන තිබෙනවා. 

එම අවස්ථාවේ අසල සිටි ප්‍රදේශවාසීන් අධිවේගී මාර්ගයට පැමිණ තුවාල කරුවන් අධිවේගී මාර්ගයේම පැමිණි වෙනත් රථයකින් කාරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර කොක්මාදුව රථවාහන පොලිසිය හා පින්නදුව රථවාහන පොලිසිය එක්ව අදාල රථය කොක්මාදුව පිවිසුමට ගෙනවිත් ඇත.

මෙම සිද්ධියෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙ‍නාට හා තරුණයෙකුට සුළු තුවාල සිදුවී තිබෙනවා. 

මෙසේ තුවාල ලබා ඇත්තේ හෝමාගම මීගොඩ පදිංචි විසිතුන් හැවිරිදි සිතාරා ලක්මාලි හා දහනව හැවිරිදි දයාන් ලක්මාල් යන අයයි.

 

Rate this item
(0 votes)