March 29, 2024

වලාන දූෂණ මර්ධන ඒකකය අක්‍රීය කිරීමට ඉහළින් අණක්

පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්ධන බලකාය විසින් මේ වනවිට කසිප්පු නිෂ්පාදනාගාර වැටලීමට නොයන්නේ එම ඒකකයේ උසස් පොලිස් නිළධාරියෙකුගේ නියෝගයකින් බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.

තමන්ට දේශපාලන බලපෑම් ඇති බැවින් එසේ තම නිළධාරීන්ගේ වැටලීම් සීමා කිරීමට සිදුව ඇති බව එම උසස් නිළධාරියා සෙසු නිළධාරීන්ට පවසන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගිය දිනවල මීගමුව, කොච්චිකඩේ සහ වෙන්නප්පුව යන ප‍්‍රදේශවල වගුරු බිම් ආශි‍්‍රත පවත්වාගෙන ගිය මහපරිමාන කසිප්පු ස්කාගාර රැසක් වටලා කසිප්පු බැරල් තිහ හතලිහක්ම අල්ලාගෙන ඇතත් එම ස්කාගාර හිමිකරුවන්ට නඩු පවරන්නටද එපා යැයි එම නිළධාරියා විසින් නියෝගයක්ද දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

පොලිස්පතිවරයාගේ ඝෘජු අධීක්‍ෂණයේ ඇති විශේෂ පොලිස් ඒකකයක් වන මෙහි මෙතෙක් කලක් ක‍්‍රියාත්මක වූයේ ප‍්‍රථමයෙන් පොලිස්පතිවරයාට ලැබෙන තොරතුරු සහ මහජන තොරතුරු සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමය. ඒ වෙනුවට අලුතින් පත්ව ආ අධ්‍යක්‍ෂවරයා නියෝගකර ඇත්තේ ප‍්‍රථමයෙන් තමන්ගේ නියෝග ක‍්‍රියාත්මක කර ඊට පසු පොලිස්පතිවරයාගේ නියෝග ක‍්‍රියාත්මක කළ යුතු බවය.

එම අධ්‍යක්‍ෂකවරයාගේ නියෝගවලට වැටලීම්වලට ගොස් මෙතෙක් කසිල්ලූ බෝතලයක්වත් අල්ලා ගන්නට වලානේ නිළධාරීන්ට හැකියාව ලැබී නැති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 March 2014 17:40