April 25, 2024

ජනපතිට ගෞරවය, මැතිවරණ කොමසාරිස්ට ස්තූතිය 

මොන අභියෝග ආවත් මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ඒ ඒ ආයතනවලට, පොලිසියට දැනුම් දී තිබෙන බවත් මේ සියල්ල පිළිබඳ ජනාධිපතිවරයාට ගෞරවය පුද කළ යුතු බවත් මැතිවරණ කොමසාරිස්ට ස්තූති විය යුතු බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

එදා පැවතියේ අප්‍රසන්න මැතිවරණ ඉතිහාසයක් බවත් ඡන්ද ප්‍රකාශ කිරීමේදී හැඳුන්ම්පත අනිවාර්ය කිරීම හේතුවන් ඡන්ද මංකොල්ල කෑම නතර වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

හෙතෙම මේ බව පැවසූවේ අද (17) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

දකුණු හා බස්නාහිර ගැටුම් අවම මට්ටමක පවතින බවත් සාමකාමී මැතිවරණ පරිසරයක් භුක්ති විඳීමට හැකි වී ඇත්තේ අවුරුදු 60කට අධික මැතිවරණ ඉතිහාසයේ තීන්දු තීරණ ගැනීමේදී මැතිවරණ නීතිය හොඳින් ක්‍රියාත්මක වීම හේතුවෙන් බවත් අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)