April 25, 2024

කොළඹ වෙසක් කලාප 6ක් තොරණ 12ක්

කොළඹ නගරය ආශ්‍රිතව වෙසක් කලාප 6ක් සහ වෙසක් තොරණ 12කට අධික ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනය කෙරේ.ඩී.ආර්. විජේවර්ධන මාවත අමාදහර, ගංඟාරාමය ආශ්‍රිත බුද්ධ රශ්මි, වෝඩ් පෙදෙස සිරස වෙසක් කලාපය, පැලවත්ත බත්තරමුල්ල දියවන්නා‍ වෙසක් කලාපය, බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක වෙසක් කලාපය ආදී වශයෙන් වෙසක් කලාප රැසක් සංවිධානය කර ඇත. වෙසක් තොරණ 12ක් කොළඹ නගරය හා ඒ අවට ප්‍රදර්ශනය කෙරෙන අතර තොටළඟ, පෑලියගොඩ, දෙමටගොඩ,කොස්ගස් හන්දිය,කොළඹ බැස්ටියන් මාවත, ගොතටුව එයින් ප්‍රධාන තැනක් ගෙන තිබේ.හෝමාගම, මාළඹේ, කිරිබත්ගොඩ,මහරගම, නුගේගොඩ, කොට්ටාව,  ප්‍රදේශයන්හිද තොරණ ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත.

Rate this item
(0 votes)