March 29, 2024

දුම්වැටි දවටනවල රූපමය අවවාද ඇතුළත් කිරීමට අවසර  

දුම්වැටි දවටනවල සියයට 50 ත් 60 ත් අතර දක්වා ප‍්‍රමාණයකට රූපමය අවවාද ඇතුළත් කළ යුතු බව අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය. 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ලංකා දුම්කොළ සමාගම විසින් ගොනුකර තිබූ පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් දුම්වැටි දවටනවල සියයට සියයට 80 ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීම සියයට 50 ත් 60 ත් අතර දක්වා ප‍්‍රමාණයකට සීමා කරන ලෙස අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

දුම්වැටි දවටනවල සියයට 80 ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැසට් නිවේදනයේ දක්වා තිබිණි.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 May 2014 11:26