April 25, 2024

'කොරෝනා මාර්ස්' හදිසි රැස්වීමක් කැඳවයි

මැදපෙරදිග ස්වසන වයිරසය (කොරෝනා මාර්ස් ) පිළිබදව සොයා බැලීමට හදිසි රැස්වීමක් කැදවීමට ලෝක සෞඛ්‍ය  සංවිධානය  තීරණය කර ඇත.ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගරය කේන්ද්‍ර කරගත්  එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත  ලෝක  සෞඛ්‍ය ඒජන්සිය මගින් මෙම රැස්වීම පැවැත්වීමට නියමිත අතර  එහිදී සෞදි අරාබිය ඇතුළු රටවල් කීපයකට පැතිරී ඇති කොරෝනා වයිරසය පිළිබද සොයා බැලීමට හා ඒ පිළිබද ගතයුතු ක්‍රියාමාර්ග තීරණය  නියමිත් බව ජිනීවා ආරංචි මාර්ග සදහන් කරයි .

{module lolc}

මේවනවිට වසර 2ක කාලය තුළ මෙම වයිරසයෙන් 126 දෙනෙකු මරණයට පත්වී ඇති අතර වයිරසය වැළදී ඇති අයගේ ගණන 468 ක් පමණ වනබව වාර්තාවේ.කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්ස, උණ, සාමාන්‍ය සීතල,විඩාව,මහන්සිය,වෙව්ලීම,හුස්ම ගැනීමේ අපහසුව සහ වකුගඩුවල ක්‍රියාකාරිත්වය දුර්වලවීම හඳුනාගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 May 2014 10:02