March 29, 2024

පත්වීම් ලබා දීම පුණ්‍යකර්මයක් - ඇමති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න

උක් පර්යේෂණ ආයතනයේ වසර 20ක් අනියම් සේවකයන් ලෙස කටයුතු කළ සේවකයින් 16 දෙනෙකුට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට ලැබීම මැයි මාසයේ කර ගන්නා ලද විශාල පුණ්‍යකර්මයක් බව සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.  

සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින උක් පර්යේෂණ ආයතනයේ වසර 20ක් පුරා අනියම් සේවකයන් ලෙස කටයුතු කළ 16 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දි පසුගිය දා සිදු කෙරිණි.

මින් පසු මෙම ආයතනයේ ගෞරවය රැකගෙන වත්මන් රජය ආරක්ෂා කර ගනිමින් තම සේවය නොපිරිහෙලා ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු බවද ජනාධිපතිවරයාට සහ තමාට මේ සම්බන්ධයෙන් දිනකට පෙත්සම් දෙක තුනක් ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අදින් පසු පෙත්සම් ගැසීම නතර කොට එම කාලයද තමාගේ ආයතනය වෙනුවෙන් වැය කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)