April 25, 2024

තවත් බැංකුවක් කොල්ලකරුවන් ග්‍රහණයට    

දඹුල්ල බස් නැවතුම්පොල ආසන්නයේ පිහිටි සණස සංවර්ධන බැංකුව ආයුධ සන්නද්ධ පිරිසක් විසින් අද (17) පස්වරුවේ කොල්ලකා පලා ගොස් ඇතැයි වාර්තා වෙයි.

 

රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් මෙලෙස කොල්ලකා ඇති අතර ආයුධ සන්නද්ධව මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් මෙම බැංකුව කොල්ල කා ඇත.

මේ වනවිට පොලීසිය කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය දා සිදු වූ ගම්පහ, උඩුගම්පොල, නයිවල ප්‍රදේශයේ හාල් මෝලක හිමි කරුවෙකුගේ නිවසට පැන රන් භාණ්ඩ කොල්ල කා ඇති අතර එහිදීද කොල්ලකරුවන් පැමිණි ඇත්තේ මෝටර් රථයකිනි.

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් එම වෙළෙඳසැලේ හිමිකරුගේ පුත්‍රයාට වෙඩි තබා පලා ගොස් තිබිණි.

පසුගිය 11 වැනිදා පොල්පිතිගම ප්‍රදේශයේ පිහිටි සණස බැංකුවකින් රුපියල් ලක්ෂ 2කට වැඩි මුදලක් කොල්ලකා පලා ගොස් තිබුණේද මෝටර් රථයකින් පැමිණි අපරාධකරුවන් පිරිසක් විසිනි.

මෙම අපරාධ සිදු කර ඇත්තේ එකම අපරාධකරුවන්  පිරිසක්ද යන්න පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

 

Rate this item
(0 votes)