March 28, 2024

හම්බන්තොට නගරාධිපති ගැන පොලීසිය නීතිපති උපදෙස් පතයි

හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉදිකිරීමේදි මහජන මුදල් ඊට වැයවූ ආකාරය පිළිබද සොයා බැලීම සදහා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරතවූ එජාප මන්ත‍්‍රීවරුන්ට පහරදීම සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගතයුතු ක‍්‍රියාමාර්ගයන් කුමක්දැයි නීතිපතිවරයාගෙන් විමසීමට පොලිසිය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම සතිය තුළ අදාල පරීක්‍ෂණ උදෘතයන් නීතිපතිවරයා වෙත යොමුකෙරෙනු ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එජාප මන්ත‍්‍රීවරුන්ට පහරදීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියේදි පසුගිය 06 වැනි දා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් නගරාධිපතිවරයාගෙන් කට උත්තරයක්ද ලබා ගෙන තිබිණි.

එම සිද්ධිය අවස්ථාව්දී තමා සන්තකයේ තිබුනේ සෙල්ලම් පිස්තෝලයක් බව නගරාධිපතිවරයා පොලිසියට පවසා ඇති අතර ඔහු එම පිසිතෝලය බව සදහන් සෙල්ලම් පිස්තෝලයක්ද පොලිසියට භාරදී තිබිණි.

එම අවිය සැබෑ ගිනි අවියකට සමාන වෙඩි හඩද නිකුත්වන එකක් බව වාර්තා වේ. 

Rate this item
(0 votes)
Last modified on Monday, 12 May 2014 12:33