April 24, 2024

මියගිය ඕඅයිසී පොලිස් අධිකාරී ධූරයට 

හංවැල්ලේ උද්ඝෝෂණයක් මැඩලීමට ගොස් උද්ඝෝෂකයන් විසින් කැපූ ගසකට යට වී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන මහතා පොලිස් අධිකාරී ධූරයට උසස්කර ඇත.

 

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු සහකාර පොලිස් අධිකාරීවරුන් බවට උසස්කිරීමේ සම්මුඛ පරීක්‍ෂණයෙන් ඉහළින්ම ලකුණු ලබාගෙන සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලැබීමටද ප‍්‍රසාද් සිරිවර්ධන මහතා සුදුසුකම් ලබා සිටියේය.

ප‍්‍රසාද් සිරිවර්ධන මහතා මිය යන විට සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබා සිටි බැවින් ඊළග නිළයවන පොලිස් අධිකාරී ධූරයට උසස්කෙරුණු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ අජිත් රෝහන මහතා පැවසී ය.

Rate this item
(1 Vote)