April 24, 2024

මෙවර මහ ඇමතිධුරය කොළඹට ?

බස්නාහිර පළාත්සභා මහ ඇමතිධුරය කොළඹට ලබාදෙන බව රජයේ ඉහලම බලධාරියෙකු ඉඟිපල කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ හා මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මඩල මහතා පවසයි.

බස්නාහිර පළාතේ මහ ඇමතිධුරය වසර 10 ක් කළුතරට හා ගම්පහට ලැබූ බවත් කොළඹට එම ධුරය ලැබුණේ වසර දෙකකට පමණක් බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා කළක් බස්නාහිර පළාත් මහ ඇමතිධුරය හෙබවූ නමුත් ඔහු තරඟ කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත් හෙතෙම පවසයි.

ඔහු මේබව පැවසුවේ මෙවර මැතිවරණයට බස්නාහිර පළාතෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක කටයුතුවලට පසුගිය දා සහභාගි වෙමින් සිටිය දී ය.

කෙසේ නමුත් පසුගිය දා ගම්පහ පැවති උත්සවයකදී රජයේ ප්‍රභල ඇමතිවරයෙකු පවසා තිබුනේ මෙවර මහ ඇමතිධුරය ගම්පහ දිස්ත්‍රික්කයට යොමුවන බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 17 March 2014 12:43