April 24, 2024

පොලීසියට අල්ලස් දීමට ගිය ලක්ෂපතියා අතුරුදන්

මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ යැයි කියන කාන්තාවක් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට ගිය පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා එදිනම ලොතරැයි දිනුමක් ලබා මුදල් නිවසට රැගෙනවිත් ඇති අයෙකු බව සඳහන්.

අත්අඩංගුවේ සිටි අදාල කාන්තාව නිදහස් කිරීමට නම් රුපියල් 25,000 ක මුදලක් පොලීසිය විසින් අල්ලස් ලෙස ඉල්ලා ඇති අතර එය ලබාදීමට පැමිණි පුද්ගලයා මෙලෙස අතුරුදන්වී ඇත.

අතුරුදන් පුද්ගලා සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්  ග්‍රෑන්ඩ්පාස් ‍පොලීසියෙන් විමසීමේදී පොලීසිය පවසා ඇතිතේ ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බවයි.

අනතුරුව ග්‍රෑන්පාස් පොලීසිය විසින් මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ යැයි කියන කාන්තාව පොලීසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ එදින තමා අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමෙන් පැමිණි බවත් ඔවුන් ඔවුන් ජා ඇල පොලීසියේ නිලධාරීන් බවත් ය.

අතුරුදන් වූ පුද්ගලයා පතිරණගේ රවී පෙරේරා නැමති අංක 185 ග්‍රෑන්ඩ්පාස් ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.

Rate this item
(0 votes)