March 31, 2020

ඉරාජ්  පසුගිය දවසක  youtube වීඩියෝවක් හරහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන්  කූරගල පන්සල සඳහා විදුලිය ලබා ගැනීමට යම් උදව් ඉල්ලුවා...ඒත් ඉරාජ් නම් කිව්වේ ඒ උදව්ව සජිත් ඇමතිතුමා නොකළේ ගොඩක් නවද රාජකාරි බහුල නිසා කියලා.

කෙසේවෙතත් එම වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් පන්සලට විදුලිය ලබා දීමට අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් වූ බවට ඉරාජ් සිය ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුණා .

"කූරගල පන්සලට කරන්ට් එක දෙන වැඩේට අපිට අවසර දෙන්න" ඉරාජ් සජිත්ගෙන් ඉල්ලයි

ඉරාජ් කියන්නේ කාලෙන් කාලෙට මොකක්ම හරි මාතෘකාවක් නිර්මාණය කරන කෙනෙක්. ඥානසාර හාමුදුරුවන් නිදහස් කර ගන්න වගේම, අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් එකක් ගන්නත් ඉරාජ් බොහොම උනන්දුවෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම රණවිරුවන් වෙනුවෙන් පවා ගොඩක් දේවල් කරපු කෙනෙක්. අවශ්‍ය තැනදි පිරිස් බලය එකතු කරගන්න ඉරාජ්ට තියෙන්නේ ඇත්තටම දක්ෂකමක්. කොහොම වුනත් ඔන්න ඉරාජ් මේ ලඟදි දවසක වගේ තවත් වැඩක් පටන් අරන් තියනවා.

කූරගල පල්ලියට ලයිට් කරන්ට් තිබුනත් කූරගල පන්සලට ලයිට් කරන්ට් නැති බවත් ගමේ ජනතාව ඒ වෙනුවෙන් තමන්ගෙන් උදව් ඉල්ලපු බවත් කියමින් ඉරාජ් තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් එකක් දාලා තිබුනා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ පන්සලට දෙන මුදල මේ වැඩේට ප්‍රමාණවත් නැති නිසා ඉහලම තත්ත්වයේ තියන සුර්යකෝෂ සහ ඒවායෙන් වැඩ කරන විදුලි බල්බ තමන් ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් මේ වැඩේ හරිගියොත් මිනිස්සුන්ට රෑටත් පන්සලට ඇවිත් වැඳ පුදාගන්න අවස්ථාව ලැබෙනවා වගේම ගමටම ඇහෙන්න පිරිත් දාන්නත් අවස්ථාව ලැබෙනවා කියලා ඉරාජ් එතැනදී කියලා තියනවා.

හැබැයි කොච්චර කැමැත්ත තිබුනත් දෙපාර්තමේන්තු අවසරය නැතිව මේ වැඩේ ක්‍රියාත්මක කරන්න බැරි නිසා විෂය භාර ඇමතිවරයා වුන සජිත් ප්‍රේමදාසට මේ වෙනුවෙන් අවසර දෙන්න කියලත් ඉරාජ් ප්‍රසිද්ධියේම ඉල්ලලා තිබුනා. ඒ විතරක් නෙමෙයි ඇමතිතුමාගේ පේජ් එකට ගිහිල්ලා මේ වැඩේ වෙනුවෙන් උදව් කරන්න කියලා කමෙන්ට් එකක් දාන්න කියලත් එයා තමන්ගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලනවා.

තමන් විසින් නිර්මාණය කරන ලද ගීත වීඩියෝවට එල්ල කරන විවේචන සදහා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ප‍්‍රතිචාර දක්වයි.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් එම වීඩියෝවටත් තමන්ටත් එල්ල කරන ලද විවේචන බැහර කරමින් ඔහු සදහන් කරන්නේ බුද්ධාගමට පහර ගසන කල්ලිවලට තමන් විසින් පහර දුන් බවයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති වීඩියෝව මෙසේය.

සංගීතවේදී ඉරාජ් වීරරත්න නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝවට උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය විරෝධය දක්වා තිබේ.

සන්නස්ගල මහතාවද එම වීඩියෝව ඔස්සේ නිරූපණය කිරීමටද ඉරාජ් කටයුතු කර තිබිණි.

ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් මෙම විරෝධය එල්ල කර තිබේ.

සන්නස්ගල මහතාගේ ෆේස්බුක් ගිණුමේ සටහන පහතින්,

සිය මියුසික් වීඩියෝවට විරෝධය පළකරමින් අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබූ සටහනට පිළිතුරු ලබාදීමට සංගීතවේදී ඉරාජ් වීරරත්න කටයුතු කර තිබේ.

මේ ඔහුගේ සටහනයි.

නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ දමා තිබු සටහන පහතින්,

සංගීතවේදී ඉරාජ් වීරරත්න නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය විරෝධය දක්වා තිබේ. ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් මෙම විරෝධය එල්ල කර තිබේ.

ඇමති නවීන් දිසානායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ සටහන

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව ‘සුරත’ නමින් එළි දක්වා තිබේ.

යූ ටියුබයට එක් කර ඇති එම වීඩියෝවේ එක් අවස්ථාවක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද කතාවක් උපුටා දක්වා ඇත.

ජනාධිපතිවරයා විසින් ගායනා කරන කවියක කොටසක් මෙන්ම කෘතියක විචාරයකද හඬද වීඩියෝවේ එක් කර ඇත.

රජයේ ප්‍රභලයින් කිහිපයකගේ සහ සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ  චරිත වලට සමාන නිරූපණ ඉදිරිපත් කර ඇති බවද ඇතැමුන් පවසති.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා වෙත එම වීඩියෝවේ මිත‍්‍රශීලී විවේචනයක්ද එල්ල කරයි.

එම වීඩියෝව පහතින්,

මාකඳුරේ මධුෂ් සමඟ 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමක් ඊයේ දිනයේදී සිදුවිය.

මේ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතා බහක් ඇති වූ අතර සමාජ ජාලා ඔස්සේ විවිධ පාර්ශ්වයන් වෙත ඇඟිලි දික් කරනු ලැබීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තම ෆේස්බුක් පිටුවේ පල කර තිබුණේ මෙවන් අදහසකි,

එයට ඉරාජ් තම ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ සැර කතාවකි, 

කුඩුකාරයාගේ නාලිකාවේ X Mas Party වලට ගිහිල්ලා බීලා නටන එකත් වැරදී එහෙනම් ?
Ranjan Ramanayake 

Page 2 of 2