April 19, 2024

ලොස් ඇන්ජලීස් දෙවනත් කළ කොල්ලකරුවෙක් (video)

මෝටර් රථයක් සොරාගෙන යමින් සිටි කොල්ලකරුවෙක් අමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
 
අදාළ කොල්ලකරු බේරීම සඳහා පළා යමින් සිටිය දී ඔහුගේ මෝටර් රථය රිය අනතුරු කිහිපයකට ම ලක් වන අතර පසුව වෙනත් මෝටර් රථයක් කොල්ල කා පළා යාමට සැරසෙයි.
 
අවසානයේ අමෙරිකානු පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට සමත් විය.
 
සැකකරු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව බීබීසී පුවත් සේවය පවසයි.
 
ලොස් ඇන්ජලීස් හී ජනාකීර්ණ මාර්ග පද්ධතියක් තුළ මෙම කොල්ලකරුවා ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම විශේෂයකි. 
 
මෙම සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 February 2015 17:21