March 29, 2024

නගරාධිපතිගේ ගෙළ සැපූ මීයා (video)

අමෙරිකාවේ වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්‍රදායික සීත සෘතුව සමරන ‘ග්‍රවුන්ඩ් හොග් දිනය’(groundhog day) නමින් හැඳින්වෙන උත්සවයට සහභාගී වූ විස්කොන්සින් හි නගරාධිපතිවරයා මී කුලයට අයත් සත්වයෙකුගේ සපා කෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
අමෙරිකානු සම්ප්‍රදායට අනුව එම මී කුලයේ සත්වයා (groundhog) සිය බෙනයෙන් ඉවතට පැමිණීම පදනම් කර ගෙන සීත සෘතුව අවසන් වන දිනය සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීම පෙබරවාරි දෙවෙනිදාට සමරනු ලබයි.
 
උත්සවය වෙනුවෙන් තෝරා ගෙන සිටි මෙම සත්වයා අතින් ගත් නගරාධිපතිවරයා අනාවැකිය පළ කිරීමට සැරසෙන විට සපා කෑමට ලක්ව ඇති බව වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Rate this item
(0 votes)
Last modified on Friday, 06 February 2015 10:51