April 25, 2024

ගුවන් අනතුරෙන් දිවි බේරාගත් පුංචි දැරිය

ඇමෙරිකාවේ සැහැල්ලු ගුවන් යානා අනතුරේදී දිවි ගලවාගත් 7 හැවිරිදි දැරිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්භීත දැරියක බව විදෙස් මාධ්‍ය පවසයි.කෙන්ටකි ප්‍රාන්තයේ සිදුවූ මෙම ගුවන් අනතුරින් ඇගේ මව, පියා, වැඩිමහලු සහෝදරිය හා ඥාති සහෝදරියක මියගිය අතර, සුළු තුවාල පමණක් ලැබූ ඇය කිලෝමීටර් 1.6ක පමණ දුරක් අඳුරු වනාන්තරයක, සෙල්සියස් අංශක 4ක පමණ දැඩි සීතලේ ගමන් කරමින් තමාට හමුවූ නිවසකට ගොඩවී තම දෙමවුපියන් ගුවන් අනතුරෙන් ජීවිත්ෂයට පත්ව ඇති බව පවසා තිබේ.
 
සෙයිලර් ගට්ස්ලර් ලෙස හඳුනාගෙන ඇති මෙම දැරියගේ පියා 49 හැවිරිදි මාර්ටි ගට්ස්ලර් වන අතර, මව 45 හැවිරිදි කිම්බර්ලි ගට්ස්ලර් ය. එමෙන්ම 9 හැවිරිදි පයිපර් ගට්ස්ලර් නැගෙණිය හා ඔවුන්ගෙ ඥාති සොයුරිය 14 හැවිරිදි සියෙරා වෝල්ඩර්ද මෙම යානයේ ගමන් කර ඇත.
 
මෙම දැරිය පැමිණි නිවසේ හිමිකරු වන විකින්ස් මහතා පවසන්නේ මෙම දැරිය අනතුරින් පසුව තරණය කර පැමිණි වනාන්තර ප්‍රදේශයේ තමන් දහවල් කාලයේදීවත් ගමන් නොකරන බවයි.
ඇය තමා වෙත පැමිණෙන අවස්ථාවේදී ඇගේ නාසයෙන් ලේ ගලාවිත් තිබුණු බවත්, ශරීරය පුරා සීරීම් තුවාල තිබුණු බවත් ඔහු පවසයි.
 
වයස අවුරුදු 7ක දැරියක මෙවැනි ධෛර්යයකින් කටයුතු කිරීම සැබවින්ම ආශ්චර්යයක් බව පවසනු ඔහු පවසන්නේ මෙම දැරිය දැන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.අනතුර සිදුවූ ස්ථානය මෙන්ම සෙසු පිරිසේ මළ සිරුරුද පසුව සොයා ගැනුණු අතර, යානයේ එන්ජිමේ දෝෂයක් අනතුරට හේතුව බව එරට ගුවන් පාලක මධ්‍යස්ථානය පවසයි.
 
Rate this item
(0 votes)