April 17, 2024

මොළයත් පරිගණකගත කරයි

December 24, 2014
තම මොළය පරිගණකයක තැන්පත් කිරීමට ඇමරිකා ජාතික පර්යේෂකයෙක් සැරසේ.
 
රැන්ඩල් කෝනේ නම් ඔහු පවසන්නේ මිනිස් මොළයේ සියලූ කි‍්‍රයාකාරකම් තීරණය කෙරෙන ස්නායු ආවේගය එනම් ස්නායු පණිවුඩ හුවමාරුවේදී සිදුකරන විද්‍යුත් වෙනස්වීම” යාන්ති‍්‍රක කි‍්‍රයාවලියකට ආදේශ කළ හැකිනම් මිනිස් මොළය හිස්කබලක පමණක් නොව සිතෙන  ඕනෑම තැනක ඇතිකළ හැකි බවයි.
 
මේ සදහා බාධක රැසක් තිබෙන බවද ඔහු පිළිගනී.විශේෂයෙන් මොළයේ සිදුවන ස්නායු ආවේග කුමන ගණයට අයත්ද,ඒවායින් පාලනය කෙරෙන්නේ මොන අවයවයන්ද,ඒවායින් පණිවුඩ යැවෙන්නේ මොන අවයවයන්ටද,මොළයේ ඇති විවිධ ප‍්‍රදේශ හා ආවේග හුවමාරු වන්නේ කෙසේද ආදී ලෙස එවා එක එකක් වෙන්කර ගැනීමත් පසුව ඒවා යාන්ති‍්‍රක කි‍්‍රයාවලියකට ආදේශ කිරීමත් පහසු කටයුත්තක් නොවේ.
 
නමුත් එය ප‍්‍රායෝගික විසඳුමක් බව ඔහුගේ අදහසයි.විශේෂයෙන් පරිගණක තාක්ෂණය දියුණු මෙවැනි යුගයක ඔය කියන ස්නායු ආවේග වර්ග කේත ගතකිරීමත් එම කේත ඇසුරින් මොළය පරිගණයක පිහිටුවීමත් අපහසු දෙයක් නොවන බව ඔහු කියයි.තමන් මොළයේ කි‍්‍රයාකාරීත්වය යාන්ති‍්‍රක කි‍්‍රයාවලියකට ආදේශ කරනවා කීමෙන් අදහස් කරන්නේ මෙවැනි දෙයක් බව ඔහු පැහැදිලි කරයි.
 
මේ සඳහා වන කටයුතු ඔහු දැනටමත් ආරම්භ කර තිබෙන අතර ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් රැසකගේද සහය ලබාගෙන ඇත.
 
කෙසේනමුත් බහුතර විද්වතුන් මත පළ කරන්නේ මොළයේ කි‍්‍රයාකාරීත්වය පරිගණක කේත ඇසුරින් කෘතිම ලෙස නිර්මාණය කළ පමණින් එය සැබෑ මොළයක් ලෙස කි‍්‍රයාත්මක වනු ඇතැයි සිතිය නොහැකි බවයි.මෙවැනි තලයකට එන්න නම් මුලින්ම විසඳාගත යුතු අභිරහස් බොහෝමයක් ඇති බව ඔවුන්ගේ අදහසයි.
Rate this item
(1 Vote)