March 29, 2024

දරුවන් විනාශකරන රූපවාහිනිය

December 18, 2014
දරුවන් කුඩාවියේදී ජංගම දුරකථන හා පරිගණක ක්‍රීඩා වැනි දේ හා පමණට වඩා රූපවාහිනිය නැරඹීමෙන් ඈත්කළ යුතු බව බ්‍රිතාන්‍යය මනෝවිද්‍යාඥයෝ කණ්ඩායමක් විසින් කියති.
දරුවන්ට කම්මැලි දැනේ යැයි කියා බොහෝ දෙමව්පියන් ජංගම දුරකථන,පරිගණක හෝ රූපවාහිනී ඔවුන්ට නිදහසේ පරිහරණය කිරීමට අවස්ථාව ලබාදී තිබීම විශේෂයෙන් හඳුනාගෙන ඇති පර්යේෂක පිරිස ඇත්තටම සිදුවිය යුත්තේ දරුවන්ට කම්මැලි දැනීමට ඉඩ හැරීම බව පවසති. 
 
කරන්නට දෙයක් නොමැතිව සිටිනා විට ඔවුන්ගේ මොළයන් වැඩෙහි යෙදීමට නිරායාසයෙන්ම යොමුවන බවත් නිර්මාණශීලී දෙයක් කිරීමට දරුවා යොමුවන්නේ එවිට බවත් ඔවුහු පෙන්වා දෙති.
එසේ නොමැතිව දරුවා කම්මැලි යැයි පැවසූ සැනෙන ජංගම දුරකථනය, පරිගණකය හෝ රූපවාහිනිය භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමෙන් සිදුවන්නේ මේ නිර්මාණශීලීත්වයට ඇති ඉඩ ඇහිරීම බව ඔවුහු කියති.
 
වර්තමානයේ කාර්යබහුලත්වය හමුවේ බොහෝ දෙමව්පියන්ට මෙවැනි දේ වලට හුරුවීමට සිදුව තිබීම ඇත්තක් වුවත් විද්‍යුත් උපකරණයක් දරුවාගේ අතට දෙනවාට වඩා ඔවුන්ම තම දරුවා සමග දවසකට කෙටිකාලයක් හෝ ගතකළ යුතුවීම දරුවාගේ බුද්ධි වර්ධනයට මෙන්ම අනාගතයටත් වැදගත්වන බව පර්යේෂක පිරිස අවධාරණය කරති.
Rate this item
(0 votes)