April 20, 2024

කිතුනු සම්ප්‍රදාය නව වෙනසකට

December 18, 2014
එංගලන්තයේ කිතුනු සම්ප්‍රදාය නව වෙනසකට භාජනය කරමින් එංගලන්ත සභාව අද සිය ඉතිහාසයේ ප්‍රථම රදගුරුවරිය ප්‍රකාශයට පත් කොට ඇත.
ඒ අනුව ලිබි ලේන් පූජකවරිය ලබන ජනවාරි මාසයේ සිට ස්ටෝක්පෝට් හි රදගුරුවරිය බවට පත්වීමට නියමිත වේ.
 
ඒ සමගම පුරුෂයන්ට පමණක් රදගුරු පදවි පිරිනැමීමේ එංගලන්ත සභාවේ සියවස් ගණනාවක් මුළුල්ලේ පැවති සම්ප්‍රදාය අවසන් වූ බවයි පැවසෙන්නේ.
එංගලන්ත සභාව මුලින්ම කාන්තාවකට පූජක වරය ලබා දුන්නේ 1994 දී වන අතර ලිබි ලේන් පූජකවරිය 2007 සිට සාන්ත පීටර්ස් හේල් සහ සාන්ත එලිසබෙත් ඈශ්ලි හි ප්‍රදේශ භාර දේවගැතිවරිය ලෙස කටයුතුකර තිබේ.
 
මේ පිළිබඳව ස්ටෝක්පොර්ට් නගරශාලවෙදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පැවසුවේ මෙම බිෂෝප්වරිය ගේ පත්වීම එලිසබෙත් මහ රැජින විසින් ද අනුමත කොට ඇති අතර අද දිනය එංගලන්ත දේවස්ථානයටද සුවිශේෂී දිනයක් බවයි.
කෙසේවුවද සාමි මණ්ඩලයට ඇතුළුවීමේ අවස්තාව ලේන් පුජකවරියට ලැබේද නැද්ද යන්න අනාගතයේදී තීරණය වන බවයි පැවසෙන්නේ.
Rate this item
(0 votes)