April 20, 2024

තම මඟුල් දිනයේදිම සහකරු සොයාගත් ජුලී

December 17, 2014
ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන හතළිස් හතර හැවිරිදි ජේසන් කෝල් මේ වන විට මංගල ඡායාරූප ශිල්පියෙකු ලෙස මංගල උත්සව එක්දහස් හාරසියයකට අධික සංඛ්‍යාවකට සිය සේවය ලබාදී සිටින්නෙකි. ඕස්ට්‍රේලියාවේ ‘වුලොන්ගොන්’හි වෙසෙන ජේසන්ට සිය ඉරණම්කාරිය හමුවන ලද්දේ එබඳු එක් මංගල උත්සවයකදීය. අමුත්තකට වූයේ එම උත්සවයේ මනාලිය ඇය වීමය. නමින් ජුලි බ්‍රිජස් නම් වන ඇය හා ජේසන් 2009 වසරේ එලෙස මුණගැසෙන විට ඇගේ වයස විසිඅටකි.
ජුලී හා ජේසන් මුල්වරට එකිනෙකා හමුවූයේ තම විවාහ උත්සවය සඳහා ඡායාරූප ශිල්පියෙකුගේ සේවය පතමින් ඇය සිය පෙම්වතා වූ හෝල් සමග ජේසන්ගේ කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය. ඒ අවස්ථාවේදී රාජකාරි මට්ටමින් ඇති කරගත් දැනහඳුනුම්කමක් හැරෙන්නට, අන්කිසිදු
විශේෂත්වයක් ජුලී හෝ ජේසන්ගේ සිත් තුළ වූයේ නැත. උත්සවයේ සංවිධාන කටයුතු සඳහා ජුලීගේ මෙන්ම ‍පෝල්ගේ පාර්ශ්වයටද ජේසන් වෙතින් නොමද සහයෝගයක් ලැබි තිබිණි. ජේසන් සම්බන්ධයෙන් ජුලීට යම් විශේෂත්වයක්.
 
දැනුණා නම් ඒ ඔහුගේ කාර්යාලය රෝස පැහැය ගත් භාණ්ඩ හා ලොමින් වැසුණු සුනඛ සුරතලුන්ගෙන් පිරීගිය තැනක් වීම නිසා හටගත් පුදුමයයි.
ජුලී සමග ජේසන් ඇති කරගත් දැනහැඳුනුම්කම ඇගේ මංගල උත්සවයෙන් පසුවද එලෙසම පැවැති අතර සාමාන්‍ය යහළුවන් මෙන් එකිනෙකා ආශ්‍රය කිරීමට ජේසන් මෙන්ම ජුලීද පෙළඹී සිටියහ. අවාසනාවන්ත ලෙස ‍පෝල් සමග ගෙවුණු දෙවසරක යුගදිවිය දික්කසාදයෙන් අවසන් වීමෙන් පසුව තමන් දෙදෙනා අතර වන සම්බන්ධයේ කිසියම් විශේෂත්වයක් ජේසන්ට මෙන්ම ජුලීටද දැනෙන්නට පටන්ගෙන තිබිණි. 2012 වසරේදී ඔවුහු පළමුවරට සිය හදබැඳි ප්‍රේමය එකිනෙකා හමුවේ ප්‍රකාශ කළෝය. දෙවසරක ආදරය මල්ඵල ගන්වමින් පසුගිය ජුනි 7 දා ‘බ්ලු මවුන්ටන්ස්’හිදී ජේසන් හා ජුලී විවාහ වූයේ ඔවුන්ගේ ආදර කතාවට දැවැන්ත මාධ්‍ය අවධානයක්ද හිමිකර ගනිමිනි.
 
ජුලී පවසන ආකාරයට ඇය පළමුවරට ‍පෝල් සමග විවහ නොවූයේ නම් ඇයට කිසි දිනක සිය සැබෑ ඉරණම්කරු හමු නොවීමට ඉඩ තිබුණි. මේ නිසා තමා ලද අත්දැකීම සම්බන්ධයෙන් ජුලිට දැන්නම් ඇත්තේ දැඩි පී්‍රතියකි.
 
 
Rate this item
(0 votes)