April 19, 2024

ආදරයට මෙහෙමත් කරනවා ද?

December 16, 2014
උඩු මහලේ පිහිටි තම පෙම්වතියගේ කාමරයේ ජනේලය වෙත දොඹකරයකින් ළඟා වී ඇයගෙන් විවාහ වීමට කැමැත්ත ඉල්ලීමට ගිය නෙදර්ලන්තයේ පෙම්වතකුගේ සැළසුම දොඹකරය පෙරළීම නිසා කඩාකප්පල් විය.
 
පෙම්වතිය පදිංචිව සිටි මහල් නිවාසයේ වහළ කඩාගෙන දොඹකරය පෙරළී තිබෙන අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
 
දොඹකරය පෙරළෙන අවස්ථාවේ පෙම්වතා පෙම්ගී ගයමින් සිට ඇතැයි සඳහන්ය.සුන්බුන් අතර සිරව සිටි ඔහු නිරුපද්‍රිතව ගලවා ගැනීමට සහන සේවකයින්ට හැකිව තිබේ.
කෙසේවුවත් මේ පුවතට සතුටුදායක අවසානයක් ලබා දෙමින් පෙම්වතිය විවාහයට තම කැමැත්ත දී ඇත්තීය. නිවාස විනාශවූ අසල්වැසියන්ගේ කන්දොස්කිරියාවෙන් බේරීමට දෙදෙන පැරිසියට ‘පලා‘ ගොස් ඇත.
Rate this item
(0 votes)