March 28, 2024

ලංකාව නිසා ඉන්දියානු රාජ්‍ය සභාව උණුසුම්

December 16, 2014
ඉන්දියා ධිවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකාවෙන් අත් අඩංගුවට ගනිතියි ඉන්දීය රාජ්‍ය සභාවේ සෙනසුරාදා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවූ බව නව දිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
 
ගතවූ දින පහේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධිවරයින් 40 දෙනකු අත් අඩංගුවට ගැනීම පිළිබඳ විරෝධය දක්වමින් තමිල්නාඩුවේ එම්.කරුණානිධිගේ ඩී.එම්.කේ. සහ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුතු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ යන පක්ෂ මන්ත්‍රීහු කෑ ගැසූහ.
ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් ඊයේ (13) ශ්‍රී ලංකා විරෝධී අදහස් දැක්වූ අවස්ථාවේදී අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද රාජ්‍ය සභාවේ අසුන්ගෙන සිටි බැව් වාර්තාවේ.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 December 2014 10:43