April 18, 2024

යුධ උණුසුමේ ජේසු උපත සැමරිමට සියල්ල සුඳානම්

December 15, 2014
අයිඑස් අන්තවාදීන් හා ආරක්ෂක අංශ අතර ඇතිවන ගැටුම් නිසා උන්හිටිතැන් අහිමිව රැඳවුම් කදවුරු නම නව නිවහන කරගන්නට සිදුවුවද ලක්ෂ 30 ක පමණ ඉරාක ජාතිකයෝ ළග එන නත්තල සැමරීමට ලහිලහියේ සූදානම් වෙමින් සිටිති.
 
විවිධ ආගම් වලට අයත් ඉරාක ජාතිකයින් මේ රැඳවුම් කදවුරු වල සිටියද ඔවුහු සියලූදෙනාම එක්ව නත්තල් ගස් සැරසීමේ හා ගවලෙන් සැදීමේ කටයුතු වල යෙදෙති. ආගම් මුල් කරගෙන දෙපිළ බෙදී සිටින්නවුන්ට ඔවුන් හොඳම ආදර්ශයකි.
 
ඉරාකයේ එර්බි නගරයෙ ආසන්නයේ ඉදිකර තිබෙන රැඳවුම් කඳවුර නත්තලට මේ වන විටත් සරසා අවසානය. එහි වැඩිවැඩ කොටසක් සිදුකළේ කුඩා දරුවන්ය.
ගැටුම් නිසා ලක්ෂ ගණනක ඉරාක ජාතිකයින් අවතැන්ව සිටින අතර ඇතැමුන්ට ඉතිරිව ඇත්තේ ඇඳීවත පමණි. ඔවුන්ගෙන් බහුතරය රැඳවුම් කඳවුරු ඉදිකර ඒවායේ පදිංචි කරවීමට ඉරාක රජය කටයුතු කර තිබේ.
 
දැන් උද්ගතව ඇති අනෙක් බැරෑරුම් තත්ත්වය වන්නේ මෙම පුද්ගලයින්ට ආහාරපානාදිය ආදිය සපයා දීමේ දුෂ්කරතාවයයි.
තත්ත්වය යම්තාක් දුරට හෝ සමනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත්ව ඇත.
 
මේ කඳවුරු වලට මේ දිනවල ඇමරිකාවේ, කැනඩාවේ හා බි‍්‍රතාන්‍යයේ සහන සේවා කණ්ඩායම් ගුවන් මගින් නත්තල් තෑගි හා සිත දිරිමත් කරන සුලු වැකි සදහන් ලියමන් හෙළමින්ද සිටී.
ඉරාක ආරක්ෂක අංශ හා කුර්දි සටන්කාමීන් එක්ව දියත් කරන මෙහෙයුම් වලින් අන්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට හැකිව තිබුණද ඉරාකයේ වැදගත් ප‍්‍රදේශ බොහෝමයක් තවමත් තමන්ගේ අතම රදවා ගැනීමට අන්තවාදීහු සමත්ව සිටිති.
 
2009 වසරින් පසු ප‍්‍රථම වතාවට ඇමරිකා භට කණ්ඩයක් පසුගියදා ඉරාකයට ගොඩබැසි අතර ඔවුන්ද ඉරාක ආරක්ෂක අංශ හා එක්ව අන්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් දියත් කිරීමට සහය වනු ඇතැයි සඳහන්ය
Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 December 2014 10:43