April 23, 2024

බි‍්‍රතාන්‍යයය ඉහළ අහසේ මහා පිපිරුමක්

December 02, 2014
ශබ්දයේ වේගය මෙන් හයගුණයක වේගයක් අත්කර ගත හැකි නවීන තාක්ෂණ පහසුකම් වලින් පිරි ගුවන්යානයක් නිර්මානය කිරීමේ අතිශය රහසිගත ව්‍යාපෘතියක් ඇමරිකාව කි‍්‍රයාත්මක කරමින් සිටී යැයි මතයක් ලොව පුරා ගුවන්යානා විශේෂඥයින් අතර පැතිර යමින් තිබේ.
පසුගියදාක බි‍්‍රතාන්‍යයට ඉහළින් ඇසුණු මහා පිපිරුමක් මෙයට පදනම වී ඇත.විශේෂඥයින් පවසන්නේ එම පිපිරුම ශබ්දයේ වේගය පරදා දිවෙන යානයක සොනික් බූම් සංසිද්ධියේ ප‍්‍රතිඵලයක් ලෙස ඇසුණක් වන්නට ඉඩ තිබෙන බවයි.
 
“සොනික් බූම්” යනු ශබ්දයේ වේගය පරදා පියාසර කරන යානයක් නිසා උපදින කම්පන තරංගයන්ගෙන් ඇතිවන්නකි.එහි ශබ්දය මහා බෝම්බයක් පිපිරුවා හා සමානය.
බි‍්‍රතාන්‍යයට ඉහළින් ඇසුණු ඒ මහා ශබ්දය ගුවන්යානයකටම සම්බන්ධ කිරීමට උත්සාහ කරන්නේ ඇයිදැයි යන්නටද පිළිතුරක් දී තිබෙන විශේෂඥයෝ පවසන්නේ එම ශබ්දය මීට වසර ගණනාවකට ඉහතදී ශබ්දයේ වේගය පරදා යන පරිදි නිර්මානය කළ කොන්කෝර්ඩ් යානාවකින් ඉපැදුණු ශබ්දය හා සමාන වන බවයි.
නමුත් එය වඩා ප‍්‍රබලව ඇසීමෙන් එහි මූලාශ‍්‍රය වඩා ප‍්‍රබල යානයක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
 
අධි වේගයෙන් ගමන් කළ හැකිවුවද පරිසර දුෂණය, නඩත්තු වියදම ආදී කරුණු මුල්කරගෙන දැන් කොන්කෝර්ඞ් යානා පවතින්නේ විශ‍්‍රාම ගන්වාය.
1987 වසරේදී ඇමරිකා අයවැයේ රහසිගත මුදල් වෙන්කිරීමක් ගැන සඳහනක් තිබුණි.ඒ පිළිඹද වැඩිදුර කරුණු හෙළිනොවූ නමුත් ප‍්‍රකට ගුවන්යානා නිශ්පාදක සමාගමක් වන ලොක්හීඞ් මාර්ටින් සමාගම පසුගිය වසරේදී තමන් එස්.ආර් 72 නම් අති නවීන ගුවන්යානයක් නිපදවමින් සිටින බව අනාවරණය කිරීමත් සමග ඒ මුදල් වෙන්කෙරුණේ මෙම ව්‍යාපෘතියටදැයි සැක මතුව තිබේ.
ආරංචි මාර්ග වලට අනුව මෙම යානය මහත් ප‍්‍රසිද්ධියක් හිමිකරගත් දැනට විශ‍්‍රාම ගන්වා ඇති එස්.ආර් 71 බ්ලැක්බර්ඞ් යානයට ආදේශයක් ලෙස නිර්මාණය කෙරේ.
“අවුරෝරා” ලෙස නම් කර තිබෙන මේ ව්‍යාපෘතිය අතිශය රහසිගත යැයි වර්ග කර ඇත.ඒ අනුව ආදේශයක් ලෙස ගුවන්යානයක් නිපදවන බව ඇමරිකාව පැවසුවද එහි තාක්ෂණය කවර ආකාරයේ වේදැයි කිසිවෙක් දන්නේ නැත.
 
අනාවරණය වී ඇති එකම කරුණ වන්නේ මෙම යානයට ශබ්දයේ වේගය එනම් මාක් 1 ක් මෙන් හයගුණයක වේගයක් එනම් මාක් 6 ක වේගයක් අත්පත් කර ගත හැකි බව පමණි.මාක් 6 ක් පැයට සැතපුම් 4567 ක වේගයකි.
මේ කරුණු සළකා බලන විට පසුගියදා ඇසුණු මහා ශබ්දය මේ යානයෙන් ඉපැදුණක් දෝ යි සාධාරණ සැකයක් මතුවන බව ගුවන්යානා විශේෂඥයෝ පවසති.
මේ සා වේගයක් අත්පත් කර ගැනීමට සාම්ප‍්‍රදායික ජෙට් එන්ජිමකින් නොහැකි බව පැවසේ.ඒ වෙනුවට අලූත්ම තාක්ෂණයක් භාවිතයට ගැනීමට සිදුවන බව සදහන්වේ.
එවන් තාක්ෂණයක්ද බි‍්‍රතාන්‍යය විද්‍යාඥයින් අත්හදා බලමින් සිටින අතර මේ දක්වා සාර්ථක ප‍්‍රතිඵල ලැබී නොමැත.
 
නමුත් ඇමරිකාවේ තත්ත්වය කෙසේදැයි තමන් නොදන්නා බව ඔවුහු කියති.කවරෙකු හෝ මෙම එන්ජිමේ කි‍්‍රයාකාරීත්වය හොදින්ම වටහාගෙන ඇත්නම් එය වහාම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔහුට තිබෙන බව ඔවුහු පවසති.
මේ සියල්ල ඇමරිකාවේ රහස් ව්‍යාපෘතිය කෙරේ ඇති සැක තීව‍්‍ර කරන්නකි. එසේවුවත් සියල්ල එළිවන තෙක් බලා සිටිනවා ඇරෙන්නට අන් කළ හැකි දෙයක් මේ වාතාවරණයේ නොමැත.
Rate this item
(0 votes)