April 19, 2024

විවාහ අපේක්ෂිතයන්ට විවාහ මංගල්‍ය නොමිලේ

December 02, 2014
බ්‍රසීලයේ රියෝ දි ජැනීරෝ නුවරදී විවාහ අපේක්ෂක ජෝඩු 2,000ක පමණ සහභාගීත්වයෙන් පැවති දැවැන්ත විවාහ මංගල්‍යය එම නගර ඉතිහාසයේ වැඩිම පිරිසක් එකවර විවාහ වූ අවස්ථාව ලෙස ඉතිහාස ගත විය.
 
රියෝ පාලනය විසින් මෙම සමූහ විවාහ උත්සවය සංවිධානය කර තිබුණු අතර නගරයේ විවාහ අපේක්ෂාවෙන් සිටින අඩු ආදායම්ලාභී තරුණ තරුණියන් සඳහා නොමිලේ විවාහ වීමේ  අවස්ථාව සලසා දී තිබුණි.
 
ඒ අනුව, එරට දැවැන්ත ගෘහස්ත ක්‍රීඩාංගණයකදී විවාහ උත්සවය පැවති අතර, විවාහ අපේක්ෂකයන් හා ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් විශේෂ දුම්රියක්ද සංවිධායකයන් විසින් සපයා තිබුණි.
 
මෙම දැවැන්ත විවාහ උත්සවය වෙනුවෙන් ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙත 12,000ක පමණ පිරිසක් පැමිණ සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කරයි.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 December 2014 10:38