April 23, 2024

අනාගතයේ ඔබේ නිවස ආරක්ෂා කර ගැනීම පහසු ක්‍රමයක්

December 01, 2014
අන් කවරදාටත් වඩා ඔබ නිවස ආරක්ෂා කර ගැනීම දැන් පහසු ඇත. නවීන තාක්ෂණයේ සහ ගෘහස්ථ තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමඟ නිවසෙහි ආරක්ෂාව තව දුරටත් ගැටලුවක් නම් නොවේ. මෙම නොනවතින දියුණුව හේතුවෙන් නුදුරු අනාගතයේදි අපට hyper-secure connected smart home සංකල්පයට ලඟාවීමට හැකිවනු ඇත. පහතින් පෙල ගස්වා ඇත්තේ එසේ ආනාගත නිවෙස්වල ආරක්ෂාව සඳහා තාක්ෂණය යොදාගන්නා අවස්ථාවන් කිහිපයකි.
 
නිවසෙහි facial recognition පද්ධතියක් සවිකර තිබීම මඟින් එයට ඇතුලුවන්නන් පහසුවෙන් හඳුනාගත හැක. තවද මෙම පද්ධතිය සමාජ ජාලා වෙබ් අඩවි, පොලීසිය සහ ආරක්ෂක ආයතන හා සම්බන්ධ කර තිබීම මඟින් යම් කිසි අනවසර ඇතුලුවීමකදී ක්ෂණිකව ක්‍රියාත්මක විය හැක.
 
Fingerprint Reader at the Front Door
මෙහිදී දොරෙහි අගුලට fingerprint reader ක් සවිකරනු ලැබේ. එමඟින් දොරගුලු කැරකවීමකදී එම පුද්ගලයාගේ අනන්‍යතාව, ගබඩා කර ඇති අවසරලත් අමුත්තන්ගේ සහ නිවැසියන්ගේ අනන්‍යතාව හා සසඳනු ලැබේ. එසේ අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි අවස්ථාවල ඇතුලුවන්නාගේ ඡයාරූපයක් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය වෙත හෝ ආරක්ෂක ආයතනය වෙත යොමු කෙරේ.
 
The Full Smart-Home
මෙය universal remote සංකල්පයට සමාන වූවකි. දියුණු ගෘහස්ථ තාක්ෂණය යොදා ගනිමින් නිවසෙහි සියලු සේවාවන් ඔබගේ ජංගම දුරකථනය හා සම්බන්ධ කරනු ලැබේ. එමඟින් නිවසෙහි උපාංග හා සවිකර ඇති චලන සංවේදක ක්‍රියාත්මක වූ වහාම ඒ පිළිබඳ දැනුම්දීමක් ජංගම දුරකථනයට යොමු කෙරේ. මේ හරහා විදුලි, ආලෝක සහ ආරක්ෂක යන පද්ධති ජංගම දුරකථනය ආධාරයෙන් මෙහෙයවිය හැකි අතර නිවෙස් හිමියාට අවශ්‍යනම් ඇතුලුවන්නන්ගේ ඡයාරූප පවා ගත හැක.
 
Cyber-Securityවැඩිදියුණු කිරීම
නිවසෙහි ආරක්ෂාව මෙහෙයවීම ඇතුලුව අප ජීවිතයේ සෑම අංගයකම පාහේ නවීන තාක්ෂණය අන්තර්ගතව පවතී. එබැවින් අපරාධකරුවන් හටද මෙම අධි-තාක්ෂණීක ක්‍රම යොදාගැනීමේ හැකියාවක් පවතී. මේ හේතුවෙන් cyber-security මුලුමනින්ම අපාරගම්‍ය සහ තර්ජනයක් ඇතිවීමට පෙර හඳුනාගැනීමේ හැකියාවෙන්ද යුක්තවිය යුතුය. මෙයට විකල්පයක් වශයෙන් අනවසර ඇතුලුවන්නාගේ අනුදැනුමක් නොමැතිව පොලීසිය වෙත පණිවිඩ යොමුකල හැකි automatic IP back trace ක්‍රමය යොදාගත හැක.
 
 
Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 09:24